Search

දියවැඩියා රෝගීන් ඉලක්ක කරගත් ජාවාරමක් ගැන ඔස්ට්‍රේලියාවෙන් අනාවරණයක්

දියවැඩියා (Diabetes) රෝගයෙන් පීඩා විදින ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කරගෙන වංචනික ක්‍රියා රැසක් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව සමාජ මාධ්‍ය ජාලාවල පළ කරන ව්‍යාජ වෙළඳ දැන්වීම් හරහා රෝගීන්ගේ මුදල් වංචා කරන කරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙහිදී වංචනිකයන් වෙළඳපොළ තුළ නොමැති නිෂ්පාදන පිළිබඳ ව්‍යාජ වෙළද දැන්වීම් සමාජ මාධ්‍ය ජාලාවල පළ කරමින් ඒවාට දියවැඩියා රෝගීන් ආකර්ෂණ කර ගනු ලබනවා.

Diabetes Australia හි ප්‍රධාන විධායක නිලධාරී ජස්ටින් කේන් විසින් ප්‍රකාශ කළේ මෙවැනි වංචනික ක්‍රියාවලට හසුවූ පුද්ගලයන්ගේ වැඩිවීමක් ද පෙන්නුම් කෙරෙන බවයි.

රට තුළ ජීවත්වන දියවැඩියා රෝගීන්ගෙන් බහුතරයක් එය පාලනය කිරීම උදෙසා වසරකට විශාල මුදලක් වැය කරනු ලබනවා.

මෙම තත්වය ඉලක්ක කරගනිමිනුයි වංචාකරුවන් ව්‍යාජ වෙළඳ දැන්වීම් යොදා ගනිමින් ඔවුන්ගේ මුදල් වංචා කිරිමට පෙළඹී ඇත්තේ.

විශේෂයෙන්ම, මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේ දී රෝගීන් මෙවැනි වංචාකරුවන්ගේ ගොදුරු බවට පත් වීමට වැඩි ඉඩක් පවතින බව ද වැඩිදුරටත් සදහන්.