
Qatar Airways වෙත Virgin Australia ගුවන් සමාගමේ සියයට 25 ක කොටස් මිළදී ගැනීමට අවසර ලබා දී තිබෙනවා.
විදේශ ආයෝජන සමාලෝචන මණ්ඩලයේ විශේෂ උපදෙස් මත ෆෙඩරල් භාම්ඩාගාරික ජිම් චාමර්ස් අදාළ යෝජනාවට සිය සහයෝගය දක්වා ඇති බවයි දැක්වෙන්නේ.
අදාළ ගුවන් සමාගම් විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම පියවර ඔස්සේ ඔස්ට්‍රේලියානුවන්ට වැඩි ගුවන් ගමන් ප්‍රමාණයක් ලබා දීම ඉදිරියේදී සිදු වන බවයි.

ඒ අනුව දෝහා, මෙල්බන්, සිඩ්නි, බ්‍රිස්බන් සහ පර්ත් අතර යාමට සහ ඒමට සතිපතා නව ගුවන් ගමන් සේවා 28 ක් පමණ ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇති.
ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම ගනුදෙනුව ඔස්සේ ගුවන් සේවා අංශය තුළ පවතින තරඟකාරීත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

අදාළ යෝජනාව ඉදිරියේදී රට තුළ නව රැකියා උත්පාදනයට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ දියුණුව කෙරෙහි ද ප්‍රයෝජනවත් වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.