Search

ඔස්ට්‍රේලියා වෙරළකින් හදුනා නොගත් උපාංගයක් සොයා ගනියි

අද (27) උදෑසන ගෝල්ඩ් කොස්ට් වෙරළ තීරයට සැකකටයුතු උපාංගයක් ගොඩ ගසා තිබෙනවා.

පොලීසිය අදාළ ස්ථානය තුළ පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව ප්‍රධාන වෙරළ තීරය අසල පිහිටි Split හි මීටර් 100 ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි තහනම් කලාපයක් ස්ථාපිත කර තිබෙනවා.

මෙම හදුනා නොගත් උපාංගය ටෝපිඩෝවකට සමාන බවටයි අනුමාන කෙරෙන්නේ.

කෙසේ වෙතත් තවමත් එය කුමක්ද යනවග නිශ්චිතව හදුනාගෙන නැහැ.

මෙම සැකකටයුතු උපාංගය සොයාගෙන ඇත්තේ අද (27) උදෑසන වන බවයි දැක්වෙන්නේ.

අදාළ කලාපයට ඇතුලු වීමෙන් වැළකී සිටින ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »