
ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික රක්ෂණවල වාරික මිල ගණන් සියයට 3.73 කින් පමණ ඉහළ යනු ඇති බවට ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.
එය අප්‍රේල් 01 වනදා සිට සිදුවනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් විසින් ප්‍රකාශ කළේ මෙම තීරණය ගැනීමට පෙර පෞද්ගලික රක්ෂණ සමාගම්වලට අවස්ථා තුනකදී ඊට අදාළ ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසට දැනුම්දීම් සිදු කළ බවයි.

මේ හරහා පෞද්ගලික රක්ෂණ ආවරණ හිමි මිලියන 15 කට අධික ඔස්ට්‍රේලියානුවන් කෙරෙහි ඉතා හොද ගනුදෙනුවක් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස ඇත්තේ.
රජයේ සංඛ්‍යා ලේඛන ඔස්සේ අනාවරණය වී ඇත්තේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් මිලියන 15 කට පමණ පෞද්ගලික රක්ෂණ පවතින බවයි.

පසුගිය වර්ෂයේ සැප්තැම්බර් 30 වන දින දක්වා ගතවූ මාස 12 ක කාලසීමාව තුළ ඔවුන් ඩොලර් බිලියන 29.9 ක වාරික මුදල් ගෙවා ඇති බව ද එම දත්ත වාර්තා හරහා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.