
ආහාර පාලන සහ ශරීර සුවතා ඇප්ලිකේෂන (Apps) භාවිත කරන තරුණ ප්‍රජාව මුහුණදෙන අවදානමක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ සිදුකළ අධ්‍යයනයක දී අනාවරණය කරගෙන තිබෙනවා.
එහිදී හෙළිවී ඇත්තේ එවැනි තරුණයන් ආහාර, ව්‍යායාම් සහ සිරුරේ හැඩය සම්බන්ධයෙන් වැරදි පුරුදු වෙත යොමුවීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවයි.
එම අධ්‍යයනය සිදු කරනු ලැබ ඇත්තේ Flinders විශ්ව විද්‍යාලය විසින් වීම ද කැපී පෙනනවා.

2023 වසර වනවිට ලොව පුරා මිලියන 311 ක පිරිසක් ආහාර රටා, කැලරි ප්‍රමාණය සහ ව්‍යායාම පිළිබඳව අධ්‍යයනය කිරීම සදහා Health Apps භාවිත කරන බවයි නවතම දත්ත ඔස්සේ අනාවරණය වී ඇත්තේ.
විශේෂඥ මතය වී ඇත්තේ එවැනි ඇප්ලිකේෂන (Apps) නිර්මාණය කර ඇත්තේ මිනිසුන් ඒවාට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් වන බවයි.

මේවාට ඇබ්බැහි වීම ඔස්සේ මිනිසුන් උමතු විය හැකි බව ද වැඩිදුරටත් සදහන්.