
රට තුළ COVID රෝගීන් වැඩිවීම මධ්‍යයේ ඕස්ට්‍රේලියාව ඉන්දියාවෙන් සියලුම ගුවන් ගමන් තහනම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඕස්ට්‍රේලියා ජාතික ආරක්ෂක කමිටුව අද (27) රැස්වී ඉන්දියාවෙන් පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවිය යුතුද යන්න තීරණය කරනු ඇත.
ඕස්ට්‍රේලියාව ඉන්දියාවට ඔක්සිජන් යැවීම පිළිබඳව සොයා බලමින් සිටී.

ඉන්දියාවේ සිටින ඕස්ට්‍රේලියානුවන් 9000 ක් පමණ නැවත සිය රට බලා යාමට සූදානමින් සිටින බව විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
තරගාවලියට ගොස් සිටින ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ක්‍රීඩකයෝ පිරිසක්ද ඒ අතර වෙති.

පසුගිය සතියේ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් විසින් ඉන්දිය ගුවන් ගමන් සියයට 30 කින් අඩු කරන බව ප්‍රකාශයට පත් කරන ලදී.