Search

මෙල්බන් වෙත එන අලුත්ම Entertainment Hub එක

මෙල්බන් CBD කලාපයේ පිහිටි මහල් අටකින් යුත් රථ ගාලක් (Car Park) දැවැන්ත විනෝදාස්වාද මධ්‍යස්ථානයක් (Entertainment Hub) බවට පත් කිරීමට සූදානම් වනවා.

අවන්හල්, කැෆේ, බාර්, හෝටල් සහ සිල්ලර වෙළදසැල් මෙන්ම Sky Garden එකකින් ද එය සමන්විත වනවා.

The City of Melbourne විසින් තහවුරු කර ඇත්තේ අදාළ රථ ගාල සිඩ්නි හි බිලියනපතියෙකු වන ජස්ටින් හෙම්ස් ට අයත් Merivale Group වෙත අලෙවි කිරීමට තීරණය කර ඇති බවයි.

පසුගිය දශකය තුළ තමන් මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කටයුතු සම්පාදනය කරමින් සිටි බවයි ජස්ටින් හෙම්ස් පෙන්වා දෙන්නේ.

ඒ හරහා ඔස්ට්‍රේලියාවම ආවරණය වන පරිදි ආකර්ෂණීය මෙන්ම සංකේතාත්මක ගමනාන්තයක් නිර්මාණය කිරීම එහි අරමුණ වී තිබෙනවා.

නගරාධිපති නික් රීස් විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම ගනුදෙනුව ඔස්සේ මෙල්බන් වෙත වාසි රැසක් අත්වනු ඇති බවයි.

අදාළ සංවර්ධන ව්‍යාපෘතිය කෙරෙහි තමන් ඉතා සතුටට පත්වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »