Search

ද. ඔස්ට්‍රේලියා පාසල්වල ජංගම දුරකතන තහනම සාර්ථකයි

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රජයේ පාසල්වල ජංගම දුරකතන භාවිතය තහනම් කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල රැසක් ලැබී තිබෙනවා.

ඒ ඔස්සේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාකාරකම්වල සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කෙරෙන බවයි වාර්තා වන්නේ.

මෙම තහනම 2023 වර්ෂයේ සිට ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වනවා.

පසුගිය වසර අවසන් වනවිට ජංගම දුරකතන භාවිතය හේතුවෙන් ඇතිවන ගැටලු සියයට 38 කින් අඩු වී තිබෙන බවයි දැක්වෙන්නේ.

ඊට අමතරව සමාජ මාධ්‍ය ජාලා ආශ්‍රිත ගැටලු ද 57% කින් අඩුවී තිබෙන බව ප්‍රාන්ත පාසල් දත්ත ඔස්සේ පෙන්නුම් කෙරෙනවා.

පාසැල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද එය මහත් රුකුලක් වී තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.