Search

ඔස්ට්‍රේලියාවේ PR ඉල්ලන පෙත්සමට අත්සන් 5,500 ක්

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ඉල්ලා යොමු කර ඇති අයදුම්පත් කඩිනමින් සළකා බලන්නැයි ඉල්ලා ෆෙඩරල් රජයට බල කෙරෙන පෙත්සමට අත්සන් 5,500 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

දකුණු ආසියානු රටවලින් පැමිණි සංක්‍රමණිකයන් විසිනුයි මීට මුල පුරා ඇත්තේ.

ඔවුන් පෙන්වාදී ඇත්තේ පුහුණු ශ්‍රමික වීසා යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණි තමන්ට ස්ථිර පදිංචිය ලබාදීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් උනන්දුවක් නොදක්වන බවයි.

අවසන් තීරණයක් නොලැබීම මත සිය අනාගතය සම්බන්ධයෙන් පවතින්නේ අපැහැදිලි වාතාවරණයක් බවටද පෙත්සම්කරුවන් චෝදනා කරනවා.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වාර්තා අනුව පසුගිය 2024 දෙසැම්බර් මාසය වනවිට සළකා බැලීමට ඉතිරිව තිබු ස්ථිර පදිංචි අයදුම්පත් ගණන 11,000 කට ආසන්නයි.

එහෙත් මාසයකදී සළකා බලා අවසන් වනුයේ ඉන් 300 ක් පමණක් බව ද සඳහන්.

මෙම පෙත්සමට නියමිත අත්සන් ලබාගැනීමෙන් පසු එය ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි පෙත්සම්කරුවන් සැළසුම් කර ඇත්තේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »