
පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ල වූ ඔස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක මැට් කුහමන්ට යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම සඳහා ICCය විසින් අවසර ලබා දී තිබෙනවා.
ඒ ඔහු ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හිදී පෙනී සිටි පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයෙන් ඔහුගේ පන්දු යැවීම නිවැරදි බවට තහවුරුවීමෙන් අනතුරුවයි.
එම පරීක්ෂණයේදී ඔහුගේ වැලමිට අංශක 15ක සීමාවේ පවතින බව තහවුරුවී තිබෙනවා.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලියේදී ඔහුගේ පන්දු යැවීම සැකසහිත බවට චෝදනා වුණා.
මෙම තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගැනීමට සමත් වූයේ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.

එම තරගාවලියේදී කුහමන් කඩුලු 16ක් බිඳහෙළීමට සමත් වීම ද විශේෂත්වයක්.