
ලොව එක් එක් රටවල ජනගහනයට සාපේක්ෂව කායවර්ධන මධ්‍යස්ථාවල (GYM) සාමාජිකත්වය ලබා ගෙන ඇති පුද්ගලයන්ගේ ප්‍රතිශත සම්බන්ධයෙන් නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
එම වාර්තාව නිකුත් කර ඇත්තේ Runrepeat විසින් බවයි දැක්වෙන්නේ.
එහිදී ඔස්ට්‍රේලියාවට 09 වන ස්ථානය හිමිව තිබෙන අතර ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් සියයට 15.3 ක් කායවර්ධන මධ්‍යස්ථානවල සාමජිකත්වය ලබාගෙන තිබීම ද කැපී පෙනෙනවා.

ඒ අනුව ලොව එක් එක් රටවල ජනගහනයට සාපේක්ෂව කායවර්ධන මධ්‍යස්ථානවල වැඩිම සාමාජිකයන් ප්‍රතිශතයක් සිටින රට බවට පත්ව ඇත්තේ නෝර්වේ වන අතර එම ප්‍රතිශතය සියයට 22 ක්.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කායවර්ධන මධ්‍යස්ථානවල සාමාජිකත්වය හිමි පුද්ගලයන්ගේ ප්‍රතිශතය සියයට 21.2 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම ඩෙන්මාර්කයේ සියයට 18.9 ක් ද නෙදර්ලන්තයේ සියයට 17.4 ක් ද කායවර්ධන මධ්‍යස්ථානවල සාමාජිකත්වය ගෙන සිටින බව ද වැඩිදුරටත් සදහන්.