
National Australia බැංකුව (NAB) ගණුදෙණුකරුවන්ට හදිසි අනතුරු ඇඟවීම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
NAB ව්‍යාජ පොප් අප් කෙටි පණිඩුව සේවාවක් මගින් මුදල් වංචා කිරීමේ ජාලයක් ක්‍රියාත්මක වන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
එම කෙටි පණිවිඩය දුරකථනයේ අගුලු දැමූ තිරයක දිස්වන අතර එමගින් දුරකථනය තාවකාලිකව අක්‍රීය වනු ඇති.

NAB බැංකුව පවසන්නේ ගණුදෙණුකරුවන් සම්බන්ධ කර ගැනීමට ඔවුන් කිසිසේත් පොප් – අප් සේවය භාවිත නොකරන බවයි.
දුරකථනයට එවැනි කිසියම් පණිවිඩයක් ලැබුණහොත් වහා බැංකුවට ඒ බව දැනුම් දෙන්නැයි National Australia බැංකුව සිය ගණුදෙණුකරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

තොරතුරු වාර්තා කිරීමට NAB වෙබ් අඩවිය හෝ බැංකු කාඩ් පතේ පිටුපස සටහන් කර ඇති දුරකථන අමතන මෙන් බැංකුවේ ආරක්ෂක උපදේශන ප්‍රධානී වැඩිදුරටත් කියාසිටියා.
ඩිජිටල් වංචා මෑත කාලයේ වඩාත් සූක්ෂම වී ඇති බවට නවතම NAB වංචාවෙන් පැහැදිලි වන බව ආරක්ෂක උපදේශකවරිය අවධාරණය කළා.