Search

ලංකාවේ සමාජ මාධ්‍ය $ බද්දට දසතින් චෝදනා

අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් විදේශ ආදායම් ලබන්නන් සඳහා සියයට 15 ක බදු පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සමාජ ජාල වල දැඩි විරෝධය එල්ල වෙමින් පවතිනවා.

රජය විසින් කිසිදු පහසුකමක් අන්තර්ජාලයෙන් මුදල් උපයන්නන් සඳහා නොදී සියයට 15 ක බද්දක් පැනවීම දැඩි අසාධාරණයක් බව ඔවුන් කියා සිටිනවා.

සමාජ ජාලා රැසකම මීට එරෙහිව විවිධ අදහස් පළවෙමින් ඇති අතර ඔවුන් බොහෝ දෙනකු පෙන්වා දෙන්නේ තමන් ඉදිරියේදී අන්තර්ජාල ගිණුම්වලම මුදල් රඳවා තබා ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස කියා සිටියේ රාජ්‍ය බදු ආදායම බරපතළ ලෙස බිඳ වැටී ඇති නිසා මෙම බද්ධ පැනවීම කළ යුතුම බවයි.

නමුත් මෙය පැනවීම සඳහා යෝජනා වී තිබුණේ මීට වඩා ඉහළ ප්‍රතිශතයකින් බවත් එය පහළ දමා ගැනීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කල බවත් ඔහු සඳහන් කලා.

විදේශ පාර්ශවයන්ට සේවා සපයන හෝ විදේශ විනිමය මෙරටට ගෙන එන ශ්‍රී ලංකාවේ සිටන පුද්ගලයින් 15%ක් දක්වා සේවා අපනයන බද්දක් 2025 අයවැය මගින් නියම කර තිබෙනවා.

විදේශීය පාර්ශවයන් වෙත සේවා සපයන නිදහස් පුද්ගලයන් සහ විදේශීය පාර්ශවයන්ට සේවා සපයන අනෙකුත් වෘත්තිකයන් මෙම බද්දට යටත්.

2025 අප්‍රේල් 01 වන දින සිට ඕනෑම විදේශීය මූලාශ්‍ර ආදායමක් සඳහා සියයට 15 ක බද්දක් අය කිරීමට නියමිතයි.