
අමෙරිකාව විසින් පැණවූ බදු හමුවේ ඔස්ට්‍රේලියාවේ වානේ කර්මාන්තයට වන හානිය අවම කර ගැනීමේ අරමුණින් තවත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් සහ ඔස්ට්‍රේලියා භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අතරයි.
සාකච්ඡාව සඳහා ඔස්ට්‍රේලියා භාණ්ඩාගාරිකවරයා පසුගිය ඉරිදා වොෂින්ටන් බලා පිටත් වුණා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔස්ට්‍රේලියා වානේ සහ ඇලුමිනියම් මත පැනවූ සියයට 25 ක තීරු බද්ද නිදහස් කිරීම සාකච්ඡාවේ අරමුණ වනවා.
ඇමෙරිකාවට වානේ සහ ඇලුමිනියම් අපනයනය කරන ප්‍රධානම රටක් වන්නේ ඔස්ට්‍රේලියාවයි.

එමෙන්ම වානේ අපනයනයෙන් ඔස්ට්‍රේලියාව වාර්ෂිකව උපයන ආදායම ඩොලර් ට්‍රිලියන 4 ක්.
කෙසේවෙතත් සාකච්ඡාවේදී තීරණාත්මක එකඟතා කිහිපයකට එළැඹි නමුත් වානේ බද්ද නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදීත් සාකච්ඡා කෙරෙන බවයි ජිම් චාමර්ස් පවසා ඇත්තේ.
සංවාදයේදී ඔස්ට්‍රේලියාවේ ඛනිජ ලවණ, ඉන්ධන සැපයීම සහ ශක්තිමත් අපනයන සැපයුම් දාමයන් පිළිබඳ තීන්දු කිහිපයකට එළැඹි බව ද ඔස්ට්‍රේලියා භාණ්ඩාගාරික ජිම් චාමර්ස් කියාසිටියා.