Search

වික්ටෝරියා ප්‍රවාහනයට අගමැතිගෙන් තවත් $ බිලියන 7 ක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සදහා ඩොලර් බිලියන 07 ක් වෙන් කිරීමට පාලක ලේබර් රජය තීරණය කර තිබෙනවා.

එහිදී වැඩි ප්‍රමුඛතාවයක් හිමිවන්නේ මෙල්බන් Airport Link දුම්රිය ව්‍යාපෘතිය සඳහායි.

සන්ෂයින් හි නව දුම්රිය ස්ථානයක් ඉදි කිරීම වෙනුවෙන් ඩොලර් බිලියන 02 ක් වෙන් කරන බවයි ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් නිවේදනය කර ඇත්තේ.

අද පෙරවරුවේ මෙල්බන් හි පැවති වැඩසටහනක් අතරතුර අගමැතිවරයා මේ බව කියාසිටියා.

සන්ෂයින් හි ඉදි කිරීමට නියමිත නව දුම්රිය ස්ථානය හරහා Geelong, Bendigo සහ Ballarat සිට V/Line සේවාවන් භාවිතා කරන සංචාරකයන්ට පහසුවෙන් ගුවන් තොටුපළ වෙත යෑමට ඉදිරියේ දී පහසුකම් සැලසෙනු ඇති.

ඊට අමතරව මෙල්ටන් දුම්රිය මාර්ගය විද්‍යුත්කරණය (Electrification) කිරීම සහ මිචෙල් ෂයර්, ක්‍රෑන්බෝන් වෙස්ට්, සහ Carrum යන අර්ධ නාගරික ප්‍රදේශවල මාර්ග සංවර්ධනය වෙනුවෙන් ඩොලර් බිලියන 1.2 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව ද අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් නිවේදනය කර තිබෙනවා.

කාලයක් තිස්සේ මෙල්බන් ගුවන් තොටුපළ වෙත භූගත දුම්රිය ස්ථානය අවශ්‍යතාව පැන නැගී තිබුණු බව ද සදහන්.

කෙසේවෙතත් මෙම සියලු ව්‍යාපෘති 2030 වසර පමණ වනතෙක් අවසන් කිරීමට හැකි නොවනු ඇති බවයි ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »