Search

වැඩවර්ජන හමුවේ Woolworths ආදායම පහළට

සේවක වැඩවර්ජන හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම සුපිරි වෙළඳසැල් ජාලයක් වන වුල්වර්ත්ස් හි ආදායම පහළගොස් තිබෙනවා.

පසුගියදා වුල්වර්ත් හි සේවකයින් පිරිසක් වැඩවර්ජනයක් සිදුකළ අතර දින 13 ක් ගබඩා වසා දැමීම සහ සැපයුම් දාමය බිඳී යාම සහ වැටුප් ඉහළ යාම වැනි හේතූන් මීට බලපෑ බව වුල්වර්ත්ස් සමාගම පවසනවා.

පසුගිය මාස හයේ ලාභය ඩොලර් මිලියන 190 කින් පහත ගොස් ඇති බවයි සමාගම පෙන්වාදෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ක්‍රියාත්මක වන මෙම සමාගමේ ජනවාරි 5 දක්වා මාස 6 ක කාලය තුළ ශුද්ධ ලාභය වාර්තා වූයේ ඩොලර් මිලියන 739 ක් ලෙසයි.

ඒ අනුව සිය සමාගමේ ලාභය සියයට 21 කින් පහත වැටී ඇති බවයි වුල්වර්ත්ස් සමූහය පෙන්වාදෙන්නේ.

සේවක වැඩවර්ජනය නොවන්නට සමාගමේ ලාබ පහත වැටීම සියයට 5 ක් පමණ වනු ඇති බව වුල්වර්ත්ස් පවසනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »