
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජනවාරි මාසයේ ද ස්ථාවර අගයක පැවතී තිබෙනවා.
ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යංශය අද උදෑසන නිකුත් කළ නවතම වාර්තාවේ පෙන්වාදෙන්නේ ජනවාරි උද්ධමනය සියයට 2.5 ක් වන බවයි.
කෙසේවෙතත් මාසික පාරිභෝගික මිල දර්ශකය ජනවාරි මාසයේ ස්ථාවරව පැවතිය ද වාර්ෂික උද්ධමනය සුළු වශයෙන් ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

පසුගියදා බැංකු පොලී අනුපාතය අඩු කළ ද මූලික උද්ධමනය විශාල ලෙස වැඩි වී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.
ආහාර සියයට 3.3 කින්, නිවාස සියයට 2.1 කින් සහ මත්පැන් සහ දුම්කොළ සියයට 6.4 කින් මිල ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන් නැවුම් පලතුරු 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව 12.3 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
මේ අතර පසුගිය වසරට සාපේක්ෂව විදුලි බිල සියයට 11.5 කින් පහත වැටී ඇති අතර ඉන්ධන පිරිවැය සියයට 1.9 කින් පහත වැටීම විශේෂත්වයක්.
සංචිත බැංකුව පොලී අනුපාතය කප්පාදු කර සතියක් ගත වුවද ඉහළ යන උද්ධමනය පිළිබඳ කිසිදු පියවරක් ගෙන නොමැති බවට විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.