Search

ඔස්ට්‍රේලියාවේ Casual සේවකයන්ට අද සිට PR ගැනීමට පහසුවක්

ඔස්ට්‍රේලියාවේ Casual රැකියාවල නිරතවන සේවකයන් සඳහා බලාත්මක කල නව නීති සංශෝධන අද සිට බලාත්මක වනවා.

පසුගිය වසරේ අගෝස්තු 26 වනදායි මෙම නව රෙගුලාසි හඳුන්වා දෙනු ලැබුවේ.

මේ අනුව අද සිට, සුදුසුකම් ලත් සේවකයන්ට පූර්ණ කාලීන (Full time) හෝ අර්ධ කාලීන (Part time) රැකියාවකට හුවමාරු වීමට තම සේවායෝජකයාට ලිඛිත දැනුම්දීමක් සැපයිය හැකි වනවා.

සේවා යෝජකයෙකුට එම දැනුම් දීම ප්‍රතික්ෂේප කළ හැකි වනුයේ ඇතැම් පිළිගත් හේතූන් මත පමණක් වීමද විශේෂත්වයක්.

Casual සේවකයන් 850,000 කට පමණ මෙම තීරණය හරහා ස්ථිර පදිංචියට මාර්ගයක් උදාවනු ඇති.

මේ සම්බන්ධ සියලු වැඩි විස්තර Fair Work Ombudsman හරහා ලබාගත හැකියි.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »