Search

වර්ගවාදය ඇවිල වූ NSW හෙදියට ඔස්ට්‍රේලියාවේදී චෝදනා

ඊශ්‍රායල රෝගීන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන බව පවසමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් පළකළ නිවු සවුත් වේල්ස් හෙදියට ඔස්ට්‍රේලියා පොලීසිය චෝදනා ගොනුකර තිබෙනවා.

26 හැවිරිදි සාරා අබුලෙබ්දේ පසුගිය අඟහරුවාදා රාත්‍රියේ සදර්ලන්ඩ් පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට පත්වුණා.

සමූහ ප්‍රචණ්ඩත්වයට තර්ජනය කිරීම, මරා දමන ලෙස තර්ජනය කිරීම, අපහාස කිරීම් ඇයට එරෙහි චෝදනා වනවා.

ලෙබ්දේ හෙදිය සහ බෑන්ක්ස්ටවුන් රෝහලේ සේවකයෙකු වන අහමඩ් රෂාඩ් නදීර් දෙදෙනා එකතු වී ඊශ්‍රායලයට එරෙහි මෙම වීඩියෝව පළකර තිබුණා.

පරීක්ෂණ පැවැත්වෙන තුරු ඔවුන් දෙදෙනා රැකියාවෙන් ඉවත් කිරීමටයි බලධාරීන් කටයුත් කළේ.

රෂාඩ් නදීර් මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් රෝහල් ගතව සිටින අතර ඔහු සම්බන්ධ පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව නිවු සවුත් වේල්ස් පොලිසිය සඳහන් කළා.

හෙදිය ලබන මාර්තු 19 වනදා ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ වනවිට ඇය ඇප මත නිදහස් කර තිබෙනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »