
වික්ටෝරියා ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක තිබී උල් ආයුධ දහස් ගණනකට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
වික්ටෝරියා හි දකුණු ඩැන්ඩනොං ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක තිබී කඩු වර්ග 930 ක් හමුවූ බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ.
මෙම සමාගම බලපත්‍ර හෝ අවසර පත්‍රයක් නොමැතිව ආයුධ විකුණන බවට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකළ බව පොලීිසිය කියාසිටියා.

මේ අතර වික්ටෝරියා වීදිවල තිබී දිනකට බ්ලේඩ් 40 කට වැඩි ප්‍රමාණයක් විනාශ කරන බව පොලිස් නිවේදනයේ දැක්වෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තය පුරා පිහි ඇණුම් වැනි අපරාධ සිද්ධීන් රැසක් පසුගියදා වාර්තා වුණා.

වික්ටෝරියා පොලිස් වැඩබලන කොමසාරිස් මයිකල් කෘස් පවසන්නේ ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වන තරුණ අපරාධ රැල්ල මැඩලීමට අදාල සියලු පියවරයන් ගන්නා බවයි.