
ඔස්ට්‍රේලියාවේ මත්පැන් බද්ද මෙම මාසයේදී නැවතත් ඉහළ දමා තිබෙනවා.
පවතින උද්ධමනය හමුවේ අගෝස්තු සහ පෙබරවාරි මාසවල ඉහළ දමන සුරා බද්ද මෙවරද ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවයි බලධාරීන් කියාසිටියේ.
බද්ද හේතුවෙන් බීර පයින්ට් එකක මිල මේ වනවිට සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට දැරිය නොහැකි මට්ටමට ළඟා වී ඇති බව කර්මාන්ත නියෝජිතයින් චෝදනා කරනවා.

මේ අතර ෆයින්ඩර් හි නව සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ලොව පුරා බියර් මිල ගණන් සමඟ සැසදීමේදී ඔස්ට්‍රේලියාව, හොඳම රටවල් 10 අතරේවත් නොමැති බවයි.
ෆයින්ඩර් සමීක්ෂණයට අනුව සෑම රටකම වඩාත්ම ජනාකීර්ණ නගරයන් හි බියර් පයින්ට් එකක සාමාන්‍යයන් අතර ඔස්ට්‍රේලියාව පසුවන්නේ 21 වන ස්ථානයේ යි.

ෆයින්ඩර් සමීක්ෂණය කළ සෑම රටකම වඩාත්ම ජනාකීර්ණ නගරයේ බියර් පයින්ට් එකක සාමාන්‍ය මිල ගණනය කර තිබෙනවා.
ඒ අනුව සිඩ්නි හි මත්පැන් පයින්ට් එකක සාමාන්‍ය මිල ඩොලර් 11 ක් බවයි වාර්තා වන්නේ.