
නුදුරේදී ඩිජිටල් මුදල් ගණුදෙණු සඳහා පමණක් යොමුවීමේ කිසිදු සැලසුමක් නොමැති බව කොමන්වෙල්ත් බැංකුව පවසනවා.
ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකුවලින් එකක් වන කොමන්වෙල්ත් බැංකුව ගැනීමට ගිය එම තීරණයට ව්‍යාපාරිකයින් විශාල පිරිසක් කණස්සල්ල පළ කිරීම ඊට හේතුවයි.
මේ අතර සෑම මසකම ඩොලර් බිලියන ගණනක මුදලක් ආර්ථිකයට යොදවන බව කොමන්වෙල්ත් බැංකු ප්‍රධාන විධායක මැට් කොමින් පවසනවා.

ගණුදෙණුකරුවන්ගේ යහපත වෙනුවෙන් එම සේවාව ඉවත් නොකරන බවට ඊමේල් පණිවිඩයක් මගින් ගණුදෙණුකරුවන්ට ඔහු සහතික වුණා.
ඔස්ට්‍රේලියාවේ විශාලතම ATM ජාලයට සෑම මසකම ඩොලර් බිලියන 4 කට වැඩි මුදලක් බෙදාහැරීමට කටයුතු කරන බවයි කොමන්වෙල්ත් බැංකු ප්‍රධාන විධායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කොමන්වෙල්ත් බැංකු ශාඛාවල ATM යන්ත්‍ර භාවිතා කරන්නන්ගෙන් ඩොලර් 3 ක මුදලක් අයකර ගැනීමේ සැලැස්මක් පවතින බව ද පසුගියදා වාර්තා වුණා.