Search

මෙල්බන් ලොව වඩාත්ම ඩිජිටල් වූ නගර අතරට

ලොව වඩාත් ම ඩිජිටල්කරණයට ලක්වූ නගර අතරට මෙල්බන් නගරය එක්ව තිබෙනවා.

නගරයක ඇති ඩිජිටල් සෞඛ්‍ය සේවා පද්ධතිය, ප්‍රවාහනය සහ අනෙකුත් යටිතල පහසුකම් මෙම නවතම සමීක්ෂණයේ සාධක වනවා.

එමෙන්ම අන්තර්ජාල වේගය, පොදු Wi-Fi ලබා ගැනීම, ඔන්ලයින් නඩත්තු වාර්තාකරණ පද්ධති, CCTV ආවරණය, ස්මාර්ට් වාහන නැවැත්වීමේ විසඳුම් සහ දූෂණ අධීක්ෂණය සඳහා වන ඩිජිටල් යටිතල පහසුකම් ඇතුළු කාණ්ඩ 9 ක් ඔස්සේ මෙම අධීක්ෂණය සිදුකරනු ලබනවා.

ZeroBounce ශ්‍රේණිගත කිරීමට අනුව මෙල්බන් නගරයට 12 වන ස්ථානයයි හිමිව ඇත්තේ.

මෙල්බන් නගරයට වැඩිම ලකුණු හිමිව ඇත්තේ ඔන්ලයින් සෞඛ්‍ය සේවා වෙනුවෙන් වන අතර ඩිජිටල්කරණය වූ ප්‍රවාහනය, CCTV ආවරණ යන සාධකවලටද ඉහළ ලකුණු හිමිව ඇති බව වාර්තාවල සඳහන්.

ස්පීඩ් ටෙස්ට් පරීක්ෂණයෙන් ලෝකයේ 44 වන වේගවත්ම අන්තර්ජාල ක්‍රමය ඔස්ට්‍රේලියාවේ තිබියදීත් මෙවර මෙල්බන් හි අඩු ලකුණු හිමිවී ඇත්තේ වාහන නැවැත්වීමට අදාල දූෂණ අධීක්ෂණයට යෙදවුමට වීම විශේෂත්වයක්.

ඩිජිටල්කරණයෙන් ඉදිරියෙන් ම සිටින්නේ ඩුබායි වන අතර සීසීටීවී කැමරා පද්ධතිය මෙන්ම දෙවන ඉහළම අන්තර්ජාල වේගයද එහි වාර්තා කර තිබෙනවා.

නිව්යෝර්ක් නගරය සහ සැන් ෆ්රැන්සිස්කෝ මෙන්ම
මුම්බායි, ලන්ඩන්, බර්ලින්, මැන්චෙස්ටර්, හොංකොං සහ ටෝකියෝ යන නගර ද ඩිජිටල්කරණයේ ප්‍රබල නගර අතර වනවා.