Search

ඔස්ට්‍රේලියාවේ පියයුරු පිළිකා රෝගීන් ඉහළට – මරණ අනුපාතය පහතට

ඔස්ට්‍රේලියාවේ පියයුරු පිළිකා මරණ අනුපාතය පහත වැටී ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

කෙසේවෙතත් පියයුරු පිළිකා රෝගීන් ප්‍රමාණය ඔස්ට්‍රේලියාවේ මෙන්ම නවසීලන්තයේ ද ඉහළ අගයක් පවතින බවයි නව පර්යේෂණයේ දැක්වෙන්නේ.

කැනඩාවේ සිඩ්නි විශ්ව විද්‍යාලය, ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇල්බටා සෞඛ්‍ය සේවා ආයතනය විසින් මෙම අධ්‍යයනය සිදුකර තිබෙනවා.

රටවල් 185 ක ගෝලීය පියයුරු පිළිකා සිදුවීම් සහ මරණ අනුපාත පිළිබඳව යි මෙහිදී සොයාගෙන ඇත්තේ.

ජාතික පිළිකා පදනම පැවසුවේ ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් 7 දෙනෙකුගෙන් එක් අයෙකු සහ පිරිමින් 556 දෙනෙකුගෙන් එක් අයෙකු පියයුරු පිළිකා සෑදීමේ අවදානමක සිටින බවයි.

ඒ අනුව පියයුරු පිළිකාවෙන් පෙළෙන බවට දිනකට අලුතින් හඳුනාගන්නා පුද්ගලයන් ගණන 58 කට ආසන්නයි.

ගෝලීය වශයෙන් ගත් කළ කාන්තාවන් විසි දෙනෙකුගෙන් එක් අයෙකු පියයුරු පිළිකාවෙන් පෙළෙන අතර 70 දෙනෙකුගෙන් එක් අයෙකු මෙම රෝගයෙන් මියයන බව විශ්ව විද්‍යාල අධ්‍යයන වාර්තාවේ දැක්වෙනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »