Search

දුරකථන සංඥා තවත් පුලුල් කිරීමේ පොරොන්දුවක් ලේබර් පක්ෂයෙන්

ජංගම දුරකථන සංඥා පහසුකම් තවත් පුලුල් කිරීමේ පොරොන්දුවක් ඔස්ට්‍රේලියා ලේබර් පක්ෂය ලබාදී තිබෙනවා.

ඉදිරි ෆෙඩරල් මැතිවරණය වෙනුවෙන් මෙම පොරොන්දුව දුන් බවයි ලේබර් පක්ෂ දේශපාලනඥයින් කියාසිටින්නේ.

දුරකථන සංඥා පද්ධතිය ස්ථාවරව නොමැති අවස්ථාවලදී කෙටි පණිවුඩ සහ හඬ පට මගින් තොරතුරු ලබාදිය හැකි වන පරිදි තාක්ෂණය දියුණු කිරීමයි ලේබර් පක්ෂයේ අපේක්ෂාව වන්නේ.

ඊට අදාලව දුරකථන සමාගම්වල සහය ඔවුන්ට ලැබෙන බවද ලේබර් පක්ෂය කියාසිටියා.

ජංගම දුරකථන සේවා සඳහා එම ප්‍රතිපත්තිය ලබාදෙන්නැයි විදුලි සංදේශ සමාගම් ෆෙඩරල් රජයෙන් මේ වනවිටත් ඉල්ලීම් කර තිබෙනවා.

නමුත් එම ගැටළුවට ලේබර් පක්ෂය පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බවයි දේශපාලන විශ්ලේෂකයින් පැවසුවේ.

4G සහ 5G ජාලයට සම්බන්ධ නොවන ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශ වලදී හඬ සහ SMS මගින් පණිවුඩ යැවීමෙන් අඩු චන්ද්‍රිකා භාවිතයක් සිදුවන බවයි විදුලි සංදේශ සමාගම් අවධාරණය කළේ.

එමගින් මහජන ආරක්ෂාව වැඩිදියුණු වීම, ස්වභාවික ආපදා වලදී තොරතුරු දැනුම්දීමේ හැකියාව, අවම වියදමකින් ජාලය නොමැති ප්‍රදේශ ආවරණය කිරීමේ හැකියාව පවතින බවයි ඔස්ට්‍රේලියා සන්නිවේදන අමාත්‍ය මිෂෙල් රෝලන්ඩ් සඳහන් කරන්නේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »