
වසර 3 කට පසු පෙට්‍රල් මිලෙහි පහත වැටීමක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා.
ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිෂන් සභාව පැවසුවේ සිඩ්නි, බ්‍රිස්බන්, ඇඩිලේඩ් සහ පර්ත් යන නගරවල ද පෙට්‍රල් මිල අඩු වී ඇති බවයි.
මෙල්බන් නගරයේ පෙට්‍රල් ලීටරයක නව මිල වාර්තා වන්නේ ඔස්ට්‍රේලියන් ඩොලර් 1 ශත 81 ක් ලෙසයි.

සිඩ්නි හි ඔස්ට්‍රේලියන් ඩොලර් 1 ශත 1 ක් පහත දමමින් නව මිල ඩොලර් 1 ශත 82 ක් ලෙස සංශෝධනය වී තිබෙනවා.
ඇඩිලේඩ් හි පෙට්‍රල් මිල ඔස්ට්‍රේලියන් ඩොලර් 1 යි ශත 75 ක් ද හොබාර්ට් හි ලීටරයක මිල ඩොලර් 1 යි ශත 78 ක් ද ක් බවයි ඔස්ට්‍රේලියා පාරිභෝගික සේවා නිළධාරීන් කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවේ විශාලතම නගර 5 පුරා පෙට්‍රල් මිල ගණන් 2021 සැප්තැම්බර් කාර්තුවෙන් පසු සැලකිය යුතු මට්ටමින් පහත වැටී ඇති බව බලධාරීන් සඳහන් කළා.