Search

ඔස්ට්‍රේලියා මැතිවරණ දිනයේ වෙනසක් ? හදිසි කැබිනට් රැස්වීමකුත් කැඳවයි

අගමැති ඇන්තනි ඇල්බනීස් විසින් ලබන සඳුදා දිනයේදී හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා.

ඉදිරි ෆෙඩරල් මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී වැදගත් තීන්දු රැසක් ගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ෆෙඩරල් මැතිවරණය මැයි මස 17 වනදා හෝ ඊට පෙර පැවැත්වීමටයි මීට පෙර ඇල්බනීස් රජය තීරණය කර තිබුණේ.

නමුත් කැබිනට් රැස්වීම හමුවේ එම දිනය වෙනස් විය හැකි බවයි විචාරකයින්ගේ මතය වන්නේ.

ඡන්ද විමසීම මෑතකදී පැවැත්වුවහොත් එහි ජයග්‍රහණය විපක්ෂ නායක පීටර් ඩටන්ට හිමිවනු ඇති බව දේශපාලන නිරීක්ෂකයින් පෙන්වාදෙනවා.

මාධ්‍ය අංශ පවසන්නේ කැබිනට් රැස්වීම සම්බන්ධයෙන් සති කිහිපයකට පෙර දැනුම්දීම සාමාන්‍ය සම්ප්‍රදාය බවයි.

මේ අතර මැතිවරණය කැඳවීමට පෙර අයවැයක් ඉදිරිපත් කිරීමට අගමැති ඇන්තනි ඇල්බනීස් සහ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අද පැවති සාකච්ඡාවකදී සැලසුම් කර ඇති බව ද වාර්තා වනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »