Search

ඔස්ට්‍රේලියා සංචාරකයින්ට කොකෝඩා යන්න යළි අවස්ථාව

සුප්‍රකට පැපුවා නිව්ගිනියා හි කොකෝඩා ධාවන පථය නරඹන්නන්ට යළි විවෘත කර තිබෙනවා.

සෑම වසරකම ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් කොකෝඩා හි කිලෝමීටර් 96 ක ධාවන පථය සංචාරය කරනවා.

පැපුවා නිව්ගිනියා ඉඩම් හිමියන්ගේ විරෝධතාවයක් හේතුවෙන් එය පසුගිය සැප්තැම්බර් මාසයේ සිට වසා දැමුණා.

පසුව ප්‍රාදේශීය ඉඩම් හිමියන් සහ පැපුවා නිව්ගිනියා රජය අතර මාස ගණනක සිට පැවති සාකච්ඡාවකින් අනතුරුව කොකෝඩා ධාවන පථය යළි විවෘත කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර පවතින ඉහළ මට්ටමේ අපරාධ, ප්‍රචණ්ඩ ක්‍රියා සහ සිවිල් නොසන්සුන්තා හේතුවෙන් ප්‍රවේශම් වන්නැයි රජය ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට අනතුරු අඟවනවා.

දෙවන ලෝක යුද්ධයේදී ඔස්ට්‍රේලියානු සොල්දාදුවන් සහ ජපන් ආක්‍රමණ බලකාය අතර කටුක සටන් මෙම කොකෝඩා හි ඇතිවුන බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »