Search

වසර 150 කට පසු මෙල්බන් Queen Victoria Market එකට අද වු දේ

මෙල්බන් ජනතාව අතර අතිශය ප්‍රසිද්ධ Queen Victoria Market හි වසර 150 ක ඉතිහාාසය තුළ පළමුවරට එහි සේවකයන් වැඩවර්ජනයක නිරත වී තිබෙනවා.

ආර්ථික පාඩු වසා ගැනීමට මෙල්බන නාගරික කවුන්සිලය අසාධාරණ තීන්දු ගන්නා බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

ඒ අනුව තමන්ගෙන් අය කරන ජල සහ විදුලිය ගාස්තු ද ඉහළ දමා ඇති බවටත් වැඩ වර්ජනයට එක්වූවන් සඳහන් කර තිබෙනවා.

වෙළඳ කුටි වෙනුවෙන් අය කෙරෙන ගාස්තු ද ඉහළ දමා ඇති පසුබිමක යළිත් වරක් ගාස්තු වැඩි කිරීම කිසිසේත් අනුමත කල නොහැකි බවයි වර්ජකයන් අවධාරණය කරන්නේ.

මෙල්බන් ජනතාව අතර Queen Victoria Market අතිශය ප්‍රසිද්ධව පවතින්නේ අඩු මිළට එළවලු – පළතුරු සහ මස් මාලු මිළයට ගත හැකි ස්ථානයක් ලෙසයි.