Search

ඔස්ට්‍රේලියාවේ දොඩම් යුෂ පානයක් බොන්න එපා

දොඩම් යුෂ පානයක් මිලදී ගැනීමෙන් වළකින ලෙස  ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික බීම සමාගමක් පවසනවා.

ඇල්කොහොල් සහ කාබනේෂන් අඩංගු මෙම දොඩම් යුෂ පානය පැසවීම හේතුවෙන් බෝතලය බිඳී යාම හෝ බෝතල් මූඩිය ගැලවී විසිවී යාමේ අවදානමක් පවතින බවයි ස්ට්රේන්ජ්ලව් බීම සමාගම පෙන්වාදෙන්නේ.

ඒ අනුව ලුණු මිශ්‍ර දොඩම් යුෂ මිලි ලීටර් 180 සහ මිලි ලීටර් 540 බෝතල් වෙළඳ සැල්වලින් ආපසු කැඳවා ඇති බව සමාගම කියාසිටියා.

මේ වනවිටත් මෙම දොඩම් යුෂ පානය පාරිභෝගිකයන් අතට පත්ව ඇත්නම් ඒවා විවෘත නොකරන ලෙසත් ආරක්ෂිතව බැහැර කරන ලෙසත් සමාගම ඉල්ලා සිටිනවා.

දොඩම්යුෂ පානය පරිභෝජනයෙන් කිසියම් සංකූලතාවකට ලක්වූවකු ඇත්නම් වහා වෛද්‍ය උපදෙස් ගන්නා ලෙසයි ස්ට්‍රේන්ජ්ලව් බීම සමාගම අනතුරු අඟවන්නේ.

කෝල්ස්, වුල්වර්ත්ස්, ඩෑන් මර්ෆිස්, බී.ඩබ්ලිව්.එස්, ලිකර්ලන්ඩ්, ෆස්ට් චොයිස්, ස්වාධීන සිල්ලර වෙළෙන්දන් මෙන්ම රට පුරා ඇති වින්ටේජ් සෙලස් වෙළඳ ආයතන සහ අන්තර්ජාලය හරහාද මෙම දොඩම් යුෂ පානය මේ වනවිටත් අලෙවි කර අවසන්. 

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »