නිරෝධායන කටයුතු සඳහා හමුදා කඳවුරු හා ක්‍රිස්මස් දූපත යොදාගන්නැයි ඉල්ලීමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

නිරෝධායන කටයුතු සඳහා හමුදා කඳවුරු හා ක්‍රිස්මස් දූපත යොදාගන්නැයි ඉල්ලීමක්

නිරෝධායන කටයුතු සඳහා හමුදා කඳවුරු හා ක්‍රිස්මස් දූපත යොදාගන්නැයි ඉල්ලීමක්

පර්ත් සිට මෙල්බර්න් දක්වා පැමිණි ගුවන් යානයක සිට පැමිණි අයෙකු කොවිඩ් ආසාධිතයෙකු ලෙස තහවුරු වුවද ඔස්ටේ්‍රලියාවේ කිසිදු ප්‍රදේශයකින් සමාජ සම්ප්‍රේෂණයක් පිළිබඳ වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසනවා.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කලා.

මේ අතර බටහිර ඔස්ටේ්‍රලියාවේ සිට පැමිණෙන ගුවන් යානා සංඛ්‍යාව අඩු කරන ලෙස ඉදිරිපත්ව ඇති ඉල්ලීම තමන් අනුමත නොකරන බව NSW ප්‍රාන්ත ආණ්ඩුකාර Gladys Berejiklian පවසනවා.

එමෙන්ම බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ආණ්ඩුකාර Mark McGowan මධ්‍යම රජයෙන් ඉල්ලා ඇත්තේ විදේශයන් හි සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට හමුදා කඳවුරු සහ ක්‍රිස්මස් දූපත යොදා ගන්නා ලෙසටයි.

එහෙත් ආරක්ෂක අමාත්‍ය පීටර් ඩට්න් ඊට එකගත්වය පළකර නැහැ.

COMMENTS