
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාරට ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුර හිමිව තිබෙනවා.
ප්‍රවීන මාධ්‍ය වේදියෙකු වන චන්දන සූරියබණ්ඩාර වසර 30 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන්නා.
මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශිෂ්ඨ දැනුමක් ඇති මෙතුමා මේ වනවිටත් ප්‍රේක්ෂක හදවත් දිනාගැනීමට සමත්වූවෙක්.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශයේ ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස අනුරුද්ධ ලොකුහපුආරච්චි පත්කර තිබෙනවා.
එතුමා දේශීය ජනමාධ්‍ය ඡායාරූපකරණයේ කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකළා.

එමෙන්ම ජාත්‍යන්තර රොයිටර් පුවත් සේවයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කරමින් ඩිජිටල් ඡායාරූපකරණය ශ්‍රී ලංකාව පුවත්පත් කලාවට හඳුන්වා දුන්නා.
ඔහුට ඡායාරූපකරණය පිළිබඳ ගෞරව උපාධියක් හිමිව තිබෙනවා.