Search

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් වැඩියි – හේතුව මෙන්න

ජනවාරි මාසයේ රැකියා වෙළඳපොළ ශක්තිමත් වී ඇති බවට ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන අනාවරණය කරනවා.

ජනවාරි මාසයේ දී සියයට 3.5 ක වාර්ෂික රැකියා වර්ධනයක් වාර්තා වී ඇති බවයි ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යංශය කියාසිටින්නේ.

ඔස්ට්‍රේලියාවේ නිළ විරැකියා අනුපාතය එනම් සියයට 4.1, දියුණු ලෝකයත් සමග  සැසදීමේදී අඩු අගයක් ගන්නා බව විශ්ලේෂකයින්ගේ මතයයි.

ආසියානු මධ්‍යම බැංකුවේ නවතම මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශයට හේතුව ඔස්ට්‍රේලියාවේ ශක්තිමත් කම්කරු වෙළඳපොළ බවයි ඔවුන්ගේ විශ්වාසය වන්නේ.

සමස්ත රැකියා වර්ධන අනුපාතය අනුව සෞඛ්‍ය සේවාවේ වැඩි පෙළඹවීමක් දක්නට ලැබෙන බවද එම වාර්තාවල දැක්වෙනවා.

සෞඛ්‍ය සේවා වෘත්තිකයන් වැඩිවීමේ ප්‍රධාන සාධකය ලෙස සැලකෙන්නේ ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්‍රමය බව විශ්ලේෂකයින් වැඩිදුරටත් කියාසිටියා.