
නිවාස සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ තදාසන්න ප්‍රදේශවලත් කුලී නිවාස මිල ඉහළ යනු ඇතැයි භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා.
සිඩ්නි හි ඉදිකිරීමට යෝජිත ඔස්ට්‍රේලියාවේ විශාලතම ශිෂ්‍ය නේවාසිකාගාර ව්‍යාපෘතියට ඩොලර් බිලියන 1.5 ක මුදලක් ආයෝජනය කිරීමටයි රජය ඇස්තමේන්තු කර ඇත්තේ.
ගඩොලින් සාදන මෙම නේවාසිකාගාරයේ විවෘත උඩුගුවන් මංතීරු, එළිමහන් උද්‍යාන, රැස්වීම් ශාලා සහ ශාරීරික ව්‍යායාම්වල යෙදෙන ස්ථාන සෑදීමට ඔවුන් එහිදී සැලසුම් කර තිබෙනවා.

ඊට වර්ග මීටර් 2400 ක සිල්ලර සහ වාණිජ වෙළඳාම් සඳහා ඉඩ ප්‍රස්ථාව සලසාදීම අපේක්ෂාව වී තිබෙනවා.
නිව්සවුත් වේල්ස් නිවාස හා යටිතල පහසුකම් දෙපාර්තමේන්තුවට (DPHI) ඉදිරිපත් කර ඇති යෝජනාව සම්මත වුවහොත් කුලී නිවාස ඒකක 1200 කට ආසන්න සංඛ්‍යාවකින් යුත් නිවාස කුළුණු හතක් එම ස්ථානයේ ඉදිකිරීමට නියමිතයි.

ඩීපීඑච්අයි හි සැලසුම් ඒජන්සිය පවසන්නේ මහල් නිවාස තනි හිමිකාරිත්වයේ තබා තිබීම හේතුවෙන් කුලී නිවාස මිල සීඝ්රයෙන් ඉහළ යනු ඇති බවයි.
ආර්ථික විශේෂඥයන් පෙන්වාදෙන්නේ නාගරික ඉහල නිවාස කුලිය, තදාසන්න පෙදෙස්වල නිවාස සංකීර්ණ ඉදිකිරීමෙන් එම ප්‍රදේශවලට ද ව්‍යාප්ත වනු ඇති බවයි.
නිවාස සැලසුම් රජය සකස්කළ ද ඒවා මිලට ගැනීම වෙනුවෙන් සහන ලබාදීමට රජයට සිදුවන බවයි සහකාර මහාචාර්ය වැඩිදුරටත් කියාසිටියේ.