
මැන්ඩරින් භාෂා හැකියාව ඇති ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කරගත් වංචනිකයින් පිරිසක් සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නැයි ෆෙඩරල් පොලීසිය දැනුම් දෙනවා.
මැන්ඩරින් භාෂා කතාකරන්නන් ඉලක්කර කරමින් චීන පොලීසිය හෝ චීන නිලධාරීන් ලෙස පෙනීසිටිමින් මිනිසුන්ගෙන් ඩොලර් මිලියන ගණනක් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රථම වරට 2017 වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් මෙවැනි පැමිණිල්ලක් ලැබුණු අතර ඒ වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ සිටින චීන ජාතිකයන් ඉලක්ක කර ගනිමින්.

2024 වසරේදී පමණක් වික්ටෝරියාවෙන් මෙවැනි පැමිණිලි 200 කට ආසන්න ප්‍රමාණයක් පොලීසියට ලැබී ඇති අතර ඩොලර් මිලියන 7 කට වඩා වැඩි අලාභයක් ඉන් සිදුව තිබෙනවා.
මෙම වංචාකරුවන් විවිධ හේතු මත මුදල් ඉල්ලා සිටින අතර සිය පවුලේ සාමාජිකයින් පැහැරගෙන ඇති බවට දන්වා කප්පම් මුදල් ඉල්ලීමක් ද පසුගියදා ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වුණා.

මෑතදී මෙල්බන් නැගෙනහිර බොක්ස් හිල් හි වයස්ගත ආසියානු කාන්තාවකගෙන් ඩොලර් ලක්ෂ 2 ක මුදලක් සොරකම් කර ඇත්තේ අද්භූත වංචාවක් සිදුකරමින්.
කෙසේවෙතත් ෆෙඩරල් පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.