
Telegram සමාජ මාධ්‍යයට ඩොලර් දස ලක්ෂයක දඩයක් නියම කිරීමට ඔස්ට්‍රේලියා බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ත්‍රස්තවාදී, ළමා අපයෝජන සහ අන්තවාදී අන්තර්ගතයන්, Telegram සේවයේ තහනම් නොකිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියා අන්තර්ජාල ආරක්ෂණ ආයතනය මෙම තීරණය ගෙන තිබෙනවා.
පසුගිය වසරේ මාර්තු මාසයේදී eSafety විසින් ගූගල්, වට්ස්ඇප්, එක්ස්, රෙඩිට් සහ ටෙලිග්‍රම් ආයතනවලට ළමා අපයෝජන සහ අන්තවාදී අන්තර්ගතයන් ඇතුලත් නොකරන ලෙස නිවේදනය කළා.

ඒ අනුව අනෙකුත් සියලුම මාධ්‍යයන් 2024 මැයි මස 6 වන දින දක්වා ඊට ප්‍රතිචාර දැක්වා ඇති බවයි වාර්තා වන්නේ.
නමුත් ටෙලිග්‍රම් ආයතනය මාස 5 කට පසු ඔක්තෝම්බර් මාසය වනවිටත් ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඩොලර් 957,780 ක දඩයක් නිකුත්කළ බවයි බලධාරීන් කියාසිටියේ.

අන්තර්ජාල වෙබ් අඩවිවල පළකරන ත්‍රස්තවාදී සහ අන්තවාදී අන්තර්ගතයන් නිසා ඔස්ට්‍රේලියා ප්‍රජාවට තර්ජනයක් බවයි ඊසේෆ්ටි කොමසාරිස් ජුලියා ඉන්මන් ග්රාන්ට් පවසන්නේ.
ටෙලිග්‍රම් සේවාවේ නිර්මාතෘ පාවෙල් ඩුරොව් මේවනවිටත් අත්අඩංගුවේ පසුවන අතර ඔහු පිළිබඳ විමර්ෂන තවමත් සිදුකෙරෙමින් පවතින බවයි මාධ්‍ය වාර්තා කියාසිටියේ.