Search

මෙල්බන් යාරා ගංගා ව්‍යාපෘතියකට නීතීඥයන්ගේ විරෝධය

මෙල්බන් හි යාරා ගංගාව, නගරයේ පිහිටුම් ස්ථානයක් බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතියට නීතීඥයින් පිරිසක් විරෝධය පළකරනවා.

උද්ඝෝෂණයක් සිදුකරමින් ඔවුන් කියාසිටියේ යාරා ගංගාව මිනිසුන්ට කිසිදු ආරක්ෂාවක් නොමැති බවයි.

විශේෂඥයින් පවසන්නේ පිහිනුම් ස්ථානයක් ලෙස යාරා පත්කිරීමට නම් ගගෙහි ජලයේ ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ යුතු බවයි.

යාරා දුඹුරු පැහැයෙන් යුත් දුර්ගන්ධය අධික මෙන්ම ඉතා දූෂිත ගංගාවක් ලෙස ප්‍රසිද්ධ වීම හේතුවෙන් එහි අපිරිසිදුතාව නිසා පමණක් නොව  එය තාක්ෂණික වශයෙන් ද නීති විරෝධී බවයි මෙල්බන් නීතීඥයින් චෝදනා කරන්නේ.

යාරා ගංගාව පිහිනුම් ස්ථානයක් බවට පරිවර්තනය කිරීමට අදාල ගිවිසුමට මේ වනවිටත් රජය අත්සන් තබා තිබෙනවා.

නෙදර්ලන්තය ලොව පළමු පිහිනුම් නගර සමුළුව පැවැත්වීමට ප්‍රථම මෙල්බන් නගරයේ යාරා සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි බලධාරීන් පවසන්නේ.

 

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »