Search

මෙල්බන් හි නිවාස මංකොල්ලකෑම් බියක්

මෙල්බනයේ නැගෙනහිර නිවසකට කඩා වැදුණු තරුණයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

මොවුන් අවුරුදු 14 ත් 16 ත් අතර පසුවන්නන් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

නිවසේ සිටි යුවළ කියාසිටියේ අද පාන්දර 4 ට පමණ කාමරය තුළ තවත් කිහිප දෙනෙකු සිටින බවට දැනී කෑගැසු බවයි.

පොලීසිය ඇමතීමට උත්සය කළද ඔවුන් වහා දුරකථනය උදුරාගෙන ඇති අතර මෝටර් රථයේ යතුර ඉල්ලා සිටි බවද ගෙහිමි කාන්තාව පවසා තිබෙනවා.

පසුව ඇයගේ ස්වාමිපුරුෂයා පොලීසියට කළ ඇමතුමෙන් පොලීසිය පැමිණීමට පෙර සැකකාර තරුණයින් පිරිස පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන් දුරකථනය, ස්වර්ණාභරණ සහ මුදල් පසුම්බිය රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළා.

පසුව පොලිස් සුනඛයින් ලවා සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ බ්රැම්ලි උසාවිය අසල ප්‍රදේශයේ ඔවුන් රැඳී සිටින බවයි.

ඔවුන් මෙම සොරකමට පැමිණ ඇත්තේ ද සොරාගැණුනු තවත් බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයකින් බව පොලීසිය කියාසිටියා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »