
ශ්‍රී ලංකා කඳු නැගීමේ ශූර යොහාන් පීරිස් ලෝකයේ තවත් උසම කඳු මුදුන් දෙකක් තරණය කිරීමෙන් අනතුරුව අද යළි දිවයිනට පැමිණියා.
මහද්වීපයන් හි උසම කඳු මුදුන් තරණය කිරීම අභියෝගයක් බවට පත්කරමින් මෙවර ඔහු ඇන්ටාක්ටිකාවේ වින්සන්ට් සහ ආජන්ටිනාවේ ඇකන්කගුවා කඳු සාර්ථකව තරණය කර තිබුණා.
මේ වනවිට ආසියානු මහද්වීපයේ එවරස්ට්, අප්‍රිකා මහද්වීපයේ කිලිමැජාරෝ, ඔස්ට්‍රේලියා මහද්වීපයේ කොසිඩස්කෝ, යුරෝපා මහද්වීපයේ එල්බ්‍රෙස් කඳු මුදුන් තරණය කර ඇති බවයි ඔහු පැවසුවේ.

ඔහුට මේ වනවිට ඉතිරිව ඇත්තේ ඇලෙස්කො මහද්වීපයේ ඩිනාලී කඳු මුදුන තරණය කිරීම පමණයි.
ඒ සඳහා ලබන මැයි මාසයේ මෙරටින් පිටත්වීමට නියමිත බවයි යොහාන් පීරිස් සඳහන්කළේ.

ලෝකයේ මේ ආකාරයට ලොව උසම කදු මුදුන් 07 ම තරණය කළ පුද්ගලයන් 400 ක් සිටින බව ද ඔහු වැඩිදුරටත් කියාසිටියා.