Search

ගෝල්ට් කෝස්ට් ධීවරයින් දැඩි අනතුරක

ගෝල්ඩ් කෝස්ට් හි Bull Shark (බුල් ශාර්ක්) වර්ගයේ මෝරුන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවට ධීවරයින් චෝදනා කරනවා.

මේ හේතුවෙන් මුහුදු තීරයන් වල පවතින මත්ස්‍ය ගහණයේ අඩුවක් පවතින බවයි ධීවර විශේෂඥයෙකු වන ලුක් බ්‍රැඩ්නම් පෙන්වා දෙන්නේ.

පවතින තත්වය හමුවේ ධීවර ප්‍රජාවට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බව ද සදහන්.

මීටර් 1.5 ට වඩා දිගකින් යුත් Bull Shark (බුල් ශාර්ක්) වර්ගයේ මෝරුන් මරා දැමීමට ධීවරයන් වෙත අවසර ලබා දිය යුතු බවටයි ලුක් බ්‍රැඩ්මන් ගේ අදහස වී ඇත්තේ.

කෙසේ වෙතත් සැබැවින්ම මෙම මෝරුන්ගේ ගහණය වැඩි වී තිබෙනවා ද යන්න තහවුරු කරගත යුතු බව විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා.

සමුද්‍ර ජීව විද්‍යාඥ ව්න්සන්ට් රවුල්ට් විසින් පෙන්වා දෙන්නේ දැනට සිදු කළ අධ්‍යයනයන් ඔස්සේ අනාවරණය වී ඇත්තේ මෝරුන්ගේ ගහණයේ වේගවත් වර්ධනයක් පෙන්නුම් නොකරන බවයි.

 

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »