
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියෙකු පසුගියදා පැවති Lotto දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 03 ක ත්‍යාග මුදලක් දිනා ගෙන තිබෙනවා.
ඒ පෙබරවාරි 22 සෙනසුරාදා දිනයේදී දිනුම් අදින ලද Lotto දිනුම් ඇදීමෙන් බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් මෙම ත්‍යාග මුදල ජයග්‍රහණය කළ පුද්ගලයා කවුරුන්ද යන වග මෙතෙක් හදුනාගෙන නැහැ.

අදාළ ටිකට්පත අලෙවි වී ඇත්තේ ලිස්මෝර් හි පිහිටි ටිකට් පත් අලෙවි සැලකින් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම වසරේදී ලිස්මෝර් නගරයට ලැබුණු දෙවන විශාලතම ලොතරැයි ජයග්‍රහණය මෙයයි.

පසුගිය ජනවාරි මාසයේදීද ලිස්මෝර් වෙත ඩොලර් මිලියන 2.1 ක Lotto දිනුමක් හිමි වී තිබෙනවා.