
ඉදිරියේ දී පැවැත්විමට නියමිත ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණයට අදාළ නවතම සමීක්ෂණ ප්‍රතිඵල වාර්තා දෙකක් අද (24) නිකුත් වී තිබෙනවා.
මෙලෙස නිකුත් වී ඇත්තේ Freshwater Strategic Poll සහ Reslove Political Moniter යන ජනමත විමසුම්වල ප්‍රතිඵලයි.
Freshwater Strategic Pooll සමීක්ෂණ වාර්තාවේ ප්‍රධාන පක්ෂවලට අදාළ ප්‍රතිඵලවලට අනුව
කම්කරු පක්ෂයට සාපේක්ෂව විපක්ෂ ලිබරල් සන්ධානය ඉදිරියෙන් සිටිනවා.

එහිදී විපක්ෂ ලිබරල් සන්ධානය සියයට 52 ක ප්‍රතිශතයක් හිමි කරගෙන ඇති අතර කම්කරු පක්ෂයට හිමිවී ඇත්තේ සියයට 48 ප්‍රතිශතයක් පමණයි.
Reslove Political Moniter සමීක්ෂණ ප්‍රතිඵල ඔස්සේ ද විපක්ෂ ලිබරල් සන්ධානය වැඩි වාසි අත්කර ගෙන තිබෙන බවයි දැක්වෙන්නේ.

එම ප්‍රතිඵලවලට අනුව විපක්ෂ ලිබරල් සන්ධානය වෙත සියයට 55 ක ප්‍රතිශතයක් ලැබී තිබෙන අතර කම්කරු පක්ෂයට ලැබී ඇත්තේ සියයට 45 ක ජනතා කැමැත්තක් පමණයි.
මෙවර ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණයේදී ආණ්ඩු බලය හුවමාරු වීමක් සිදු විය හැකි බවයි දේශපාලන විචාරකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.