
ලොව හොදම Coffee Shop අතර පළමු ස්ථානය සිඩ්නි හි Toby’s Estate Coffee Roasters වෙත හිමි වී තිබෙනවා.
මෙම නම් කිරීම සිදු කර ඇත්තේ පසුගියදා පැවති ස්පාඤඤ මැඩ්රිඩ් Coffee Festival හීදීයි.
එහිදී ලොව හොදම Coffee Shop 100 නම් කරනු ලැබුවා.

කෝපිවල ගුණාත්මකභාවය, බැරිස්ටා සේවා සම්බන්ධ පළපුරුද්ද, පාරිභෝගික සේවා, ආහාරවල ගුණාත්මකභාවය වැනි කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කරමිනුයි මෙම ලැයිස්තුව නිර්මාණය කර ඇත්තේ.
ඒ අනුව ලොව හොදම Coffee Shop අතර සිව් වන ස්ථානය හිමි වී ඇත්තේ මෙල්බන් හි පිහිටි Proud Mary Coffie වෙතයි.

ඊට අමතරව එම ලැයිස්තුවේ අට වන ස්ථානය බ්‍රිස්බන් හි Coffee Anthology වෙත හිමිව තිබීම ද කැපී පෙනෙනවා.
ලොව හොදම Coffee Shop අතර පළමු තැන හිමි කරගත් සිඩ්නි හි Toby’s Estate Coffee Roasters නිර්මාණය කර ඇත්තේ 1997 වසරේදීයි.