Search

ජනපති අනුරගේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය ඉහළට

2025 පෙබරවාරි ප්‍රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා රජය ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව “වෙරිටේ රිසර්ච්” සිදුකරන ගැලප් ශෛලියේ ‘රට හිතන හැටි’ නම් ජනමත විමසුමෙන් අනාවරණය වී තිබෙනවා.

වෙරිටේ රිසර්ච් ඊයේ (23) එම තොරතුරු ඇතුලත් නිවේදනය ඉදිරිපත් කර තිබෙන බවයි දැක්වෙන්නේ.

2024 වසරේ ජූලි මාසයේ එය 24%ක් වූ අතර, මෙවර එය 62%ක් දක්වා ඉහළට ගොස් ඇති බව ද සඳහන්.

ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වතාවට ජනගහණයෙන් බහුතරයක් (55%ක්) ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ජනගහණයෙන් 47% කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බවයි.

එය, 2024 ජූලි මාසයේ වාර්තා වූ 71%ක ප්‍රතිශතයට වඩා අඩු මට්ටක පැවතීම ද කැපී පෙනෙනවා.

ශ්‍රී ලංකා රජය කටයුතු කරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්‍රතිශතය 60% සිට 16% දක්වා ( 44% කින්) අඩුව තිබෙන බවයි මෙම ජනමත විමසුම ඔස්සේ පෙන්වා දෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින්නේ යැයි සිතන ජනතාවගේ ප්‍රතිශතය ද, 65%ක සිට 14%ක් දක්වා (51% කින්) අඩුවී තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.

විදෙස් ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුපක්

විදෙස් ශ්‍රමිකයින්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා රජය පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ පාර්ලිමේන්තුවේදී කියාසිටියේ විදේශ විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් ශක්තිමත්

Read More »

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »