Search

සිඩ්නි වලින් ගෙයක් ගන්න $ මිලියන 1.5 ක් වියදම් කරන්න වෙයි

සිඩ්නි හි අර්ධ නාගරික ප්‍රදේශ 635 ක නිවාස මිළ ඉහළ යෑම සම්බන්ධයෙන් නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.

මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ Compare of The Market වෙබ් අඩවිය විසිනුයි.

ඒ අනුව ඩොලර් 1416 ක මධ්‍යන්‍ය සති වැටුපක් හිමි පුද්ගලයෙකුට එම ප්‍රදේශවලින් දැරිය හැකි මුදලකට නිවසක් මිළදී ගැනීමට හැකියාවක් නොමැති බවටයි එහිදී හදුනාගෙන ඇත්තේ.

එම ආදායම මත පදනම්ව ණයක් ලබා ගැනීම වෙනුවෙන් සියයට 30 ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවද සදහන්.

මේ අතර පුද්ගලයන් දෙදෙනෙකුට දැරිය හැකි මුදලකට නිවාස මිළදී ගත හැකි වන්නේ සිඩ්නි හි අර්ධ නාගරික ප්‍රදේශ 126 කදී පමණයි.

කෙසේ වෙතත් පසුගිය කාර්තුවට සාපේක්ෂව මෙවර මධ්‍යන්‍ය නිවාස මිල තරමක් පහත වැටී තිබෙනවා.

එය සටහන් වන්නේ ඩොලර් 1,474,032 ක් ලෙසයි.

පොලී අනුපත මිළ ගණන් පහත වැටීම ඉදිරියටත් සිදු වුවහොත් නිවාස මිල ඉහළ යෑමේ වැඩි අවදානමක් පවතින බව ද වැඩිදුරටත් සදහන්.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »