Search

සුළං බලාගාර ගැන වික්ටෝරියා ගොවීන් මත දෙකක

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල ජීවත්වන ගොවීන් සුළං බලාගාර පිළිබඳව විවිධ මතයන් දරනු ලබනවා.

ඒ අනුව සිය ගොවිපලවල් කේන්ද්‍ර කරගෙන ටර්බයින ස්ථාපිත කිරීමට ඇතැම් ගොවීන් විරුද්ධ වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම ක්‍රියාවලිය සදහා සමහර ගොවීන් අකමැත්තක් නොදක්වන බව ද සදහන්.

මේ හේතුවේ ප්‍රාන්තය තුළ ජීවත් වන ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ අසමගියක් නිර්මාණය වීම ද සිදු වනවා.

වික්ටෝරියා ප්‍රාන්තය පුරා මේ වනවිට සුළං බලාගාර 39 ක් පමණ ක්‍රියාත්මක වන බවයි හදුනාගෙන ඇත්තේ.

ඉන් බලාගාර 08 ක් තවමත් ඉදිකිරීම් මට්ටමේ පවතිනවා.

තවත් බලාගාර 07 ක් තවමත් සැලසුම් මට්ටම පවතින බව ද සදහන්.

2030 වර්ෂය වනවිට ඔස්ට්‍රේලියානු බලශක්ති නිෂ්පාදනයෙන් සියයට 82 ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීම සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කොට තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ පවතින ගැටළුකාරී තත්වයන් හදුනාගෙන ඒවාට විසදුම් සෙවීමට බලධාරීන් විසින් කටයුතු කළ යුතු බව ද වැඩිදුරටත් සදහන්.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »