Search

වික්ටෝරියා නිවාස ගැටලුව විසදන්න නව සැලසුමක්

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් මෙල්බන් අවට පිහිටි අර්ධ නාගරික ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන නව නිවාස යෝජනා ක්‍රමයක් සැලසුම් කර තිබෙනවා.

එහිදී තට්ටු 10 ක පමණ උසකින් යුත් නව මහල් නිවාස ඉදිකිරීමටයි යෝජනා වී ඇත්තේ.

අදාළ ව්‍යාපෘතිය සදහා තෝරාගෙන ඇති ප්‍රදේශ අතරට Broadmeadows, Epping, Niddrie, North Essendon, Preston, Ringwood, Camberwell, Frankston, Moorabbin සහ Chadstone ඇතුලත්.

2051 වනවිට මෙල්බන් අවට අර්ධ නාගරික ප්‍රදේශ රැසක නව නිවාස 60,000 ක් පමණ ඉදිකිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ප්‍රාන්ත රජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙනවා.

එහිදී ඉහත දැක්වූ ප්‍රදේශවල වැඩි වශයෙන් නිවාස ඉදි කිරීමටයි ප්‍රාන්ත රජයේ සැලසුම වී ඇත්තේ.

ප්‍රාන්ත රජය වැඩිදුරටත් සදහන් කළේ 10,000 කට අධික පිරිසක් සමඟ සිදු කළ ප්‍රජා උපදේශන සාකච්ඡා වට කිහිපයකින් පසුව මෙම නිවාස යෝජනා ක්‍රමයේ මූලික සැලසුම් යාවත්කාලීන කළ බවයි.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »