Search

Student Visa රෙගුලාසි වෙනස් කිරීම ගැන ජාත්‍යන්තර සිසුන්ගේ අදහස්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය විසින් මෑතකදී සිදු කළ ශිෂ්‍ය වීසා නීති සංශෝධන තමන්ට අයහපත් ලෙස බලපානු ඇති බවට ජාත්‍යන්තර සිසුන් රැසක් මත පළ කර තිබෙනවා.

මේ බව අනාවරණය වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනහ හදාරන විදෙස් සිසුන් විශාල පිරිසක් සහභාගී කරගනිමින් සිදුකරනු ලැබූ නවතම සමීක්ෂණයකදීයි.

ජීවන වියදම ඉහළ යෑම, නිවාස ගැටලුව සහ පාඨමාලා ගාස්තු වැඩි කිරීම වැනි සාධක රැසක් පදනම් කරගෙනයි මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ.

පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලදී සිසුන් 2,300 කට ආසන්න පිරිසක් සහභාගී කර ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබුණා.

2023 වර්ෂයේ සිදු කරනු ලැබූ සමීක්ෂණයට සාපේක්ෂව මෙවර සිසුන්ගේ සෘණාත්කම අදහස්වල ඉහළ යෑමක් දක්නට ලැබීම ද කැපී පෙනෙනවා.

කෙසේ වෙතත් සමීක්ෂණයට සහභාගී වූ වැඩි පිරිසක් පවසා ඇත්තේ කුමන ප්‍රතිසංස්කරණ සිදු කළද තවදුරටත් ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය කෙරෙහි සුබවාදි බලාපොරොත්තු තබා සිටින බවයි.

පාඨමාලා හදාරා අවසන් වීමෙන් පසු මෙරට තුළ රැදී සිටිමින් රැකියාවක නිරත වීම ඔවුන්ගේ දැඩි බලාපොරොත්තුව බවට පත්වී තිබෙනවා.

මේ අතර ඉදිරි ෆෙඩරල් මැතිවරණය ඇතුලු දේශපාලන කරුණු මත ශිෂ්‍ය වීසා සම්බන්ධ රෙගුලාසි ද වෙනස්කම් වලට ලක්විය හැකි බවට ද සිසුන්ගෙන් සැළකිය යුතු පිරිසක් මත පළ කර තිබීමද විශේෂත්වයක්.

මෙම සමීක්ෂණයට අනුව දැනට ඔස්ට්‍රේලියාවේ වාසය කරන සිසුන්ගෙන් වැඩි පිරිසක් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව බවට පත්වී ඇත්තේ මූල්‍ය පීඩනයයි.

එමෙන්ම රැකියා නොමැති වීම සහ නිවාස ගැටලුව මෙන්ම මානසික ප්‍රශ්න සහ ඉංග්‍රීසි භාෂ ගැටලු ද ඔවුන් මුහුණ දෙන අර්බුද අතරට අයත්.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »