
ශූරයන්ගේ කුසලාන තරගාවලියට සමගාමීව ඊයේ (22) නිමාව දුටු එංගලන්ත ඔස්ට්‍රේලියා තරගය ආරම්භයට පෙර ජාතික ගීය වාදනය කරන අවස්ථාවේදී සිදුවූ ගැටළුවක් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.
එංගලන්ත ජාතික ගීය වාදනය කළ පසුව ඔස්ට්‍රේලියා ජාතික ගීය වාදනය කිරීමට නියමිතව තිබුණ ද ඒ වෙනුවට ඉන්දීය ජාතික ගීය වාදනය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ලාහෝර් හී ගඩාෆි ක්‍රීඩාංගණය තුළ රැස්ව සිටි ප්‍රේක්ෂකයන් ද පුදුමයට පත්වී ඇති බවයි පැවසෙන්නේ.

තත්පර කිහිපයකට පසු සංවිධායක මණ්ඩලය විසින් හදිසියේ ඇතිවූ තාක්ෂණික දෝෂය නිවැරදි කිරීමට කටයුතු කර තිබෙනවා.
අදාළ සිදුවීම සංවිධායක මණ්ඩලය අතින් සිදුවූ බරපතල වරදක් බවයි ක්‍රීඩා ලෝලින්ගේ අදහස වී ඇත්තේ.

ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ ක්‍රීඩා නොකරන බැවින් මෙවැනි දෙයක් සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්නයක් උද්ගතව පවතින බව ද වැඩිදුරටත් සදහන්.