
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොලිස් ස්ථානවල සිර මැදිරි රැදවියන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රාන්ත පොලිස් දෙපාර්තුමේන්තුව සතු සම්පත් වලට විශාල බලපෑමක් එල්ල වී ඇති බවයි ප්‍රාන්ත පොලිස් ප්‍රධානී Karen Webb විසින් පෙන්වා දී ඇත්තේ.
ඇප ලබාගැනීම ප්‍රතික්ෂේප කරන රැදවියන් දින ගණනාවක් තිස්සේ පොලිස් ස්ථානවල රැදී සිටීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී තිබෙනවා.

මෙය “Cell Ramping” ලෙසද හදුන්වනු ලබන බවයි දැක්වෙන්නේ.
බලධාරීන්ගේ අදහස වී ඇත්තේ බන්ධනාගාර සිරකරුවන්ගෙන් පිරී ඉතිරී යාම නිසා ඇතැම් රැදවියන් දින ගණනාවක් පොලිස් සිර මැදිරි තුළ සිටින බවයි.

අදාළ ගැටළුව ඉක්මනින් විසදීම සදහා තමන් කටයුතු කරමින් සිටින බවයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.